Colombo Today Local News

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති.

දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක් වෙනත් රටවල වන්දනා ගමන්වල නිරත වන බව පවසමින් මෙසේ සිරියාවට ගොස් තිබෙන බවයි, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි බීබීසී සංදේශට ප්‍රකාශ කර ඇත්තේ.

“දැනට තියන දත්තයන් අනුව තිස් හය දෙනෙක් පමණ – පවුල්වල උදවියත් ළමයිනුත් එක්ක තමයි තිස් හය දෙනා වෙන්නේ – සිරියාවට ගොස් ඇති බවට වාර්තාවක් ලැබිල තියෙනවා,” යැයි ඔහු සදහන්කර ඇත.

ඔවුන්ගෙන් පිරිසක් අයිඑස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයට බැඳී ඇතැයි සැලකෙන බවත් මේ පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්වූයේ කවදාද, ඔවුන් පිටත්වූයේ එක්වරද, වෙන වෙනමද යනාදී විස්තර මේ මොහොතේ තමන් සතුව නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත.

Related posts

අංගොඩ ලොක්කාගේ කුඩු බෙදපු උකුස්සා

colombotoday

අමිල හිමි හැලෙයි… සෝභිත හිමිගේ තැන ගිහියෙකුට

colombotoday

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin