Colombo Today Local News

සම්බන්දන් දැන් සැබෑ ජාතික නායකයෙක්, මං උත්තර දෙන්නේ රතුපස්‌වල ලේ නොගෑවුණු අයට විතරයි – අගමැති

ranilසිසු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී උත්තර දෙන්නේ රතුපස්‌වල සහ කටුනායක සිද්ධිවලින් අත්වල ලේ නොගෑවුණු විපක්‍ෂ නායක සම්පන්දන් සහ විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක යන අය කරන ප්‍රශ්න කිරීම්වලට පමණක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්‍ෂ නායක ආර්. සම්පන්දන්, විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සිසු ප්‍රහාරය පිළිබඳ ආණ්‌ඩුවෙන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ ද කීය.

විපක්‍ෂ නායකතුමාට ස්‌තුති කරනවා මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම ගැන. ඔහු දකුණට හා උතුරට බලපාන ප්‍රශ්න එක වගේම සලකනවා. ඔබ විපක්‍ෂයේ සැබෑ ජාතික නායකයෙක්‌. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයාත් මේ ප්‍රශ්නය විමසුවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ සිටින පක්‍ෂ දෙක මේ පක්‍ෂ දෙක විතරයි. මොකක්‌ද මේ ඒකාබද්ධ විපක්‍ෂය කියලා කියන්නේ.

උසස්‌ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි පිළිගැනීම ලබාදීමේ චක්‍රලේඛය අහෝසි කළේ අද මේ ඒකාබද්ධ විපක්‍ෂය කියලා කියන අය. ඩලස්‌ අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්‌කාර, දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඔන්න ඉන්නවා පිරිස. මේ අය තමයි අද කඩාකප්පල් කරන්නේ. රතුපස්‌වල ලේ නොගෑවුණු අයටයි මම උත්තර දෙන්නේ. සම්පන්දන්ට, අනුරට ඒ ලේ ගෑවිලා නෑ. වාසු, දිනේෂ්, බන්දුල කියන්න ඇයි මේ පාඨමාලාව පිළිගැනීම අහෝසි කළේ? මළ කඳන්ද ඕනෑ. මුතූර් සිසුවාගේ මළකඳ මදිද. රතුපස්‌වල මළ කඳන් මදිද… තවත් මළ කඳන් හොයනවා. ඔය ලේ මදිද… කවුද පොලිසියට ඔය විදිහට හැසිරෙන්න පුහුණුව දුන්නේ.

අනුර දිසානායක මහතා – අගමැතිතුමා මෙතරම් හොඳට ප්‍රශ්නය ගැන දන්නවා නම් මොකද ගැහුවේ.

අගමැතිවරයා – මම භාරගන්නවා මේ සිද්ධියට අදාළ බටගොඩ වාර්තාව මේ සභාව හමුවට ගෙන එන්න. 2013 දී මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව මේ චක්‍රලේඛය අහෝසි කළා. ඒ සමහරු අද කැබිනට්‌ මණ්‌ඩලයේත් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු අපි සාකච්ඡා කර තීරණය කළා හරි හෝ වැරදි වේවා මෙය වෙනස්‌ කරන්න. ඊට විරුද්ධ අය තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට විරුද්ධ. 2013 දී මේක අහෝසි කළේ ඒ අය. මෙතන ප්‍රශ්නය ඒකාබද්ධ විපක්‍ෂය කියා හඳුන්වන පුදුම සතෙක්‌ ඇවිත් විපක්‍ෂය එක්‌ක හැප්පෙනවා.

සිසුන්ට පහරදීම වගකීම් රහිත ක්‍රියාවක්‌

වාණිජ උපාධිය ලබාගත් සිසුන්ගේ තත්ත්වය ලබාදිය යුතු බවයි ඉල්ලුවේ. මෙම පිළිගැනීම කලකට පෙර තිබුණා. එතන භික්‍ෂූන් වහන්සේලා කාන්තාවෝ සිටියා. පොලු, මුගුරු, ආයුධ අත තිබුණේ නෑ. ඔවුන් බාධක ඉවත් කර ඉදිරියට යද්දී එය වැළැක්‌වූවා. ජලප්‍රහාර එල්ල කරද්දී සිසුන් පසුබැස්‌සා. අපි දැක්‌කා කාකි ඇඳුම් ඇඳ සිටි නිලධාරීන් මේ සිසුන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කළා. බොහෝ සිසුන් තුවාල ලැබුවා.

පසු බසින සිසුන්ට ඇයි මෙහෙම දෙයක්‌ කළේ? මෙය වගකීම් රහිත ක්‍රියාවලියක්‌. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට අයිතියක්‌ තියෙනවා තම දුක්‌ ගැනවිලි ඉදිරිපත් කරන්න. ඔවුන්ට කලකට පෙර දී තිබූ අයිතියක්‌ ඉවත් කරලා යළි එය ඉල්ලා සිටියා. අපි ජීවත්වන්නේ අධිරාජ්‍යවාදී රටක නොවේ. අපේ තරුණයන්ට මෙලෙස පහර දෙන්න බෑ. මේක යහපාලනයද? ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ පහරදීම වැළැක්‌වූයේ නෑ. අණදීමේ ව්‍යqහය අපි පැහැදිලිව හඳුනාගත යුතුයි. තරුණ රැකියා වියුක්‌තිය අපේ රටේ ලොකු ප්‍රශ්නයක්‌.

– දිවයින

 

Related posts

එප්පාවල පොස්පේට් නිධියෙන් කාබනික පොහොර මෙටි‍්‍ර‍ක් ටොන් පනස් දහසක්

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday

“උද්ඝෝෂණ, වැඩවර්ජණ කරාට වැඩක් නෑ.. සයිටම් වහන්නේ නෑ“ – ඇමති කිරිඇල්ල

colombotoday

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරන බව අගමැති හෙළි කරයි

colombotoday