Colombo Today Local News

බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගනී

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අතහැර දැමූ ඉඩමක් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ පීඩින බෝම්බ ඇතුළු යුද උපකරණ විශාල ප්‍රමාණයක් තිබී සොයාගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු 6 වන පියවර ප්‍රදේශයේ පාලු ඉඩමක් එලි පෙහෙලි කිරීමට පැමිණ වැසියෙකු එම ඉඩමේ පොලිතීන් උරවල දමා කිසියම් ද්‍රව්‍යක් ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පුදුකුඩඉරිප්පු පොලිසිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අදාල ඉඩමට ගොස් පරික්ෂා කිරීමේදී මෙම යුද උපකරණ තොගය සොයාගෙන ඇත.

එහිදී සොයාගත් යුද උපකරණ අතර කිලෝ 10 පීඩණ බෝම්බයක්, බිම්බෝම්බයක්, පී.ඊ. 1510 වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ එකක්, සී.ෆෝ වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ටී.එන්.ටී වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 350 ක්, ෆියුස් වර්ගයේ පුද්ගලනාශක බෝම්බ 4ක්, අත්බෝම්බ 114 ක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ස්විච් හා මරඋගුල් කිහිපයක් සොයාගත් දෑ අතර වෙයි.

පසුගිය යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් අදාල යුද උපකරණ තොගය සඟවා තබන්නට ඇති බවටත් හමු වූ යුද උපකරණ දිරාපති නොවන ලෙසින් පොලිතීන් උරවල දමා තිබූ බවටද පොලීසිය පැවසීය.

යුද උපකරණ පිළිබඳව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පවසයි.

Related posts

මඩකලපුව මංගලාරාමයේ ලේකම්වරයාට ප්‍රහාරයක්.. කැලේට ඇදන් ගිහින් අතපය කඩා දමලා !

colombotoday

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

Admin

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

colombotoday

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

colombotoday

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday