Colombo Today Local News

බොගස්වැව යුධ හමුදා කදවුරේ සෙබලාට පහරදි ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

වවුනියාව බෝගස්වැව 07 වන සිංහ රෙජිමේන්තු යුද හමුදා කඳවුරේ ‍සේවය කළ යුධ හමුදා සෙබළෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා සහ ගිනිඅවිය පැහැරගැනීමට හවුල් වූ තවත් පුද්ගලයා ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් එම්.රියාල් මහතා ඊයේ (26) නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පහලගම , මහඇළගමුව , කැකිරාව යන ලිපිනයේ පදිංචි බෝගස්වැව 07 වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළ නුවන් ශ්‍රීලාල් දිසානායක සහ මහඇළගමුව, කැකිරාව යන ලිපිනයේම පදිංචි නිලන්ත අජිත් ෆොන්සේකා නැමැති වඩු කාර්මිකයකි.

බෝගස්වැව 07 වන සිංහ රෙජිමේන්තු යුධ හමුදා කදවුරේ සේවය කළ යුධ හමුදා නිළධාරියෙකුට පහරදි ඊයේ (25) අලුයම 04.00 ට පමණ සැකකරුවන් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 30 ක් සහිත මැගසිනය පැහැරගෙන ගොස් තිබිණි.

පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ බෝගස්වැව යුද හමුදා හත්වැනි සිංහරෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ 24 හැවිරිදි ආධුනික සෙබළෙකි.

සැකකරුවන් ගිනි අවිය පැහැරගැනීම සඳහා යුද හමුදා කඳවුර වෙත ඇතුළුවීමට පැමිණි ස්කූටර් වර්ගයේ යතුරු පැදියක්ද බෝගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

තුවාල ලැබූ සෙබළා පෙරදින තවත් යුධ හමුදා සෙබළුන් දෙදෙනකු සමඟ හමුදා කඳවුරේ පිටුපස පිහිටි ආරක්ෂක මුරකුටියේ රාජකාරී කර ඇති අතර, පසුව ඔහු විසින් රාජකාරී නිමාකර යළි හමුදා කඳවුර වෙත පාන්දර 04.00 ට පමණ පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

තුවාල ලැබූ සෙබළා යුද හමුදාව විසින් වන්නි යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පිහිටි යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව යුද හමුදාව පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකාර හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයා ඊයේ (25) යුද හමුදා පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බෝගස්වැව පොලිසියට භාරදී තිබේ.

පැහැරගත් ගිනි අවිය කැකිරාව මහඇළ ගමුව ප්‍රදේශයේ සතොස ගබඩා සංකීර්ණයක තිබී යුදහමුදා පොලිසියේ නිලධාරීහු විසින් සොයාගනු ලැබූහ.

සිද්ධිය සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසිය හා යුධ හමුදා පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

Admin

යකෙක් එලවන්න ගිහින් කතක් මියයයි.. දරුණුවට පහර දී දුම් අල්ලලා.. මුස්ලිම් පූජකයන් තිදෙනාට අත්හිටවූ සිර දඩුවම්

colombotoday

වගකීමෙන් පැනයන්න බැරිවෙයි.. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි..

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

colombotoday

ගෝඨාගමනයට එරෙහිව එජාප ප්‍රභල ඇමති අංචි අදී – ඇමරිකා පුරවැසිභාවය ඉවත්කිරීම වැලැක්වීමට නඩුවක් දම්මවයි

colombotoday