Colombo Today Local News

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර දෙන ලෙස නියෝගයක්

විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන්නැයි කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සනාථ කළාය.

Related posts

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

බිබිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ජීව අත්බෝම්බ ඇතුළු උපකරණ අත්අඩංගුවට

colombotoday

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday