Colombo Today Local News

බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අබ්දුල් රාසික් ඇතුළු පිරිස පිළිබඳව නීතිපතිගේ උපදෙස් ඉල්ලයි

බුදුරජාණන් වහන්සේට අපහාසයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු එම සංවිධානය ක්‍රියාකාරින් 06 දෙනෙකු සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියි.

එම පැමිණිල්ල අද (03)දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර සිටින අබ්දුල් රාසික් ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහි දී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තා උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

නිතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද එම කොට්ඨාසය අධිකරණය දන්වා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල නැවත නොවැම්බර් මස 27 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත සිහිකැඳවීමක් යොමු කිරීමටද නියම කළේය.

2014 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා “බුදුරජාණන් වහන්සේට” අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන් පිරිසක් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් අනතුරුව පොලීසිය විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

මන්නාරමේ සොහොනකින් හමුවූ ඇටකටු DNA පිරික්සුමට රට පටවයි

colombotoday

රුපියල නැවතත් වැටේ… ඩොලරය ඓතිහාසික වාර්තාව අදත් අලුත් කරයි…

colombotoday

(Video) ජනපති අගමැති දීගය පරම්පරාගත ලව් එකක් – පී. හැරිසන්

colombotoday

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

Admin

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday

“ගොඩක්ම දුප්පත්නම් 15000ක් දෙනවා” අනුර කුමාර පොරොන්දු වෙයි

Admin