Colombo Today Local News

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූ බව කියන සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයකු බදුල්ල පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.


සැකකරු සන්තකයේ තිබූ පසුගියදා කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයකින් හමුවූ පිහිවලට සමාන හැඩයේ පිහියක් ද පොලිසිය බාරයට ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උසෙයින් රුසෙයිර් නැමති 42 හැවිරිදි සැකකරුවෙකි.
 
මොහු හෙම්මාතගම ප්‍රදේශයේ පුද්ගලයකු බවත් බදුල්ල ප්‍රදේශයේ කිරිපිටි අලෙවි නියෝජිතයකු වන ප්‍රකට ව්‍යාපාරිකයකුගේ දියණියක හා විවාහ වී මේ වනවිට බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.


සැකකරු වසර 8ක පමණ කාලයක් ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර  එම සංවිධානය දෙකඩ වීමෙන් පසුව සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳු බවට සහ තිසරණ යනු මැණික් ගල් තුනක් බවට ප්‍රකාශයක් සිදුකර ආගමික නොසන්සුන්තාවක් රට තුළ ඇති කළ අබ්දුල් රාසික් නැමති පුද්ගලයා සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධානියා වේ. ‘ශ්‍රී ලංකා තව්හිද් ජමාත්‘ නමින් පෙනි සිටි ඔවුන් මේ වන විට ‘සිලෝන් තව්හිද් ජමාත්‘ නමින් නම් වෙනස් කර ඇත. මුස්ලිම් ජාතිකයින්ට ශරියා නීතිය අනුව කුඩා දැරියන් විවාහ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මොහු විසින් පසුගිය කාලය පුරාවට විරෝධතා රැලි රාශියක් ද සිදු කරන ලදි.

මෙරටට මරාගෙන ප්‍රහාරයක් එල්ල කළ මහ මොලකරු ලෙස හඳුන්වන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා වන සහරාන් නමැත්තාද බ්දුර් රාසික් නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානය ප්‍රබල චරිතයක්ව සිට ඇත.

ප්‍රහාරයට පසුව ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් ප්‍රධානී අබ්දුල් රාසික් මාධ්‍යයට පැමිණ තම සංවිධානය අන්තවාදී නොවන බව පවසමින් කිඹුල් කඳුලු හෙළු දක්නට ලැබිණි.

මෙරට ජීවත් වන සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව පවසන්නේ තව්හීඩ් ජමාත් යන නාමයන් භාවිතා කරනු ලබන සියලුම සංවිධාන අන්තවාදී සංවිධාන වන බවත් එම සියළු සංවිධාන තහනම් කර රට තුළ ආරක්ෂාව ස්ථාවර කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

Related posts

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

“2020 ජනපති අපෙක්ෂකයා රනිල්” – ෆොන්සේකා… “2020 අපේක්ෂකයා තෝරන්නේ ජනතාවයි” – සජිත්

colombotoday

දියතලාව බස් බෝම්බය ගැන ජනතාව නොමග යවා වරද හමුදාවට පටවයි !

colombotoday

අසාද් සාලි සමාජයට පිළිලයක් – මනුෂ නානායක්කාර කියයි.

colombotoday

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට ඇමති ප්‍රසන්න තීරණය කරයි

colombotoday