Colombo Today Local News

බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දමා සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

පුත්තලම, ආසිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (16)දින අළුයම පුත්තලම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, පාලවිය, පෙරියකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි සිමියොන් ඇලෝසියස් නැමති 41 හැවිරිදි විවාහකයෙකි.

පසුගිය ජුලි 16 දින පුත්තලම, ආසිරිගම ප්‍රදේශයේ පොල් වත්තක පිහිටි නිවසක තම මව සමග පදිංචිව සිටි දස හැවිරිදි දැරියක් මවගේ අනියම් සැමියා යැයි පැවසෙන, මේ වනවිට අත්අඩංගුවේ පසුවන සැකකරු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර තිබුණි.

පසුව සර්පයෙකු දෂ්ඨ කළේ යැයි පවසමින් ඇයගේ මව විසින් එම දැරිය පුත්තලම මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් දැරිය මියගොස් සිටි බව පොලීසිය පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකරු මාසයකට ආසන්න කාලයක් ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා තිබුණි.

ඒ අනුව අදාළ සැකකරු අද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Related posts

ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්

Admin

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

colombotoday

ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීර

colombotoday

බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490ක පාඩුවක් !

colombotoday

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

මී උණ හේතුවෙන් නාවික හමුදා නිලධාරියෙකු මියයයි.

colombotoday