Business

පෝට් සිටි ව්‍යාපෘතියෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් නගී

පෝට් සිටි ව්‍යාපෘතියෙන් මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් වර්ධනය කළ හැකි බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. එමගින් මෙරට මෙතෙක් නොතිබුණු සමාජ, ආර්ථික ,සංස්කෘතික, දේශපාලනය හරයාත්මක ලෙස වෙනස් කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද ‍(26) පැවැති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති තාක්ෂණ විද්‍යාල හා කාර්මික විද්‍යාලවල ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා – ඉස්සර වැඩිම ආදායම ලැබුවේ  ආයුධ වෙළඳාම හරහායි . නමුත් අද එය තොරතුරු හුවමාරුව සඳහා ලැබී තිබෙනවා. දැන් අපි හතරවන කාර්මික විප්ලවයට මුහුණ දෙනවා.

එහිදී කෘතිම බුද්ධිය , ජෛව තාක්ෂණය , රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි දෑ භාවිතා කරමින් කටයුතු සිදු කරනවා.  හතරවන කාර්මික විප්ලවය මගින් නිෂ්පාදන මාදිලි සියල්ලම න්‍යායාත්මක ලෙස වෙනස් කර තිබෙනවා. අද වනවිට දැනුම පදනම් කරගත් ලෝකය ඉතා වේගයෙන් අපේ ජීවිත වලට බද්ධ වී තිබෙනවා. මේ අලුත් වැඩ ලෝකයකට වැඩ කරන මිනිසුන් සඳහා බිහි කරන්න අවශ්‍ය යි.

ඒ වගේම රට නිපුණතාවාදී වන විට එය සෑම ක්ෂේත්‍රයක් තුළම සිදු විය යුතු යි. දේශපාලනයටත් එය අත්‍යවශ්‍යයි. දේශපාලනය හැකියාතන්ත්‍ර විය යුතු යි. දේශපාලනය කුසලතාතන්ත්‍ර විය යුතුයි. දැන් රටට වඩාත් සබුද්ධික හා දියුණු දේශපාලනයක් අද අවශ්‍ය වෙලා තිබෙනවා.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු , දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම , සමූපකාර සංවර්ධන සහ  වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය බුද්ධික පතිරණ, එම අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන්, ඩිප්ලෝමාලාභින්ගේ දෙමාපියන්රැසක් සහභාගී වූහ

Related posts

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

colombotoday

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

ඩොලරය රු. 163ට නගී

colombotoday

සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරව

colombotoday