අඩු ආදායම්ලාභී ජනතාවට සිය රජයක් යටතේ ලබාදෙන සහන පැකේජය, හෙට දිනයේ ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පොළොන්නරුවේ අද (08) පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද මෙම ජන රැළියට එක්වීම විශේෂත්වයක් වුණා. එහිදී රැළිය ඇමතූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.