Colombo Today Local News

පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය මාධ්‍ය වෙත නිකුත් නොකර අභ්‍යන්තරව සාකච්ඡා කර විසදා ගැනීමට තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

නව ආණ්ඩුව පිහිටුවීමට කලින් සිටම 19 වන සංශෝධනය ඉවත් කිරීම ගැන සාමූහික තීරණයට පැමිණ තිබුණු බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායකයන් අතර ඒ සම්බන්ධ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද ඔහු පැවසීය.

එනිසා වීරවංශ මහතාගේ ලිපිය ජනමාධ්‍යවලට නිකුත් නොකර පක්ෂ නායකයන් අතර සාකච්ඡා කර විසඳා ගැනීමට තිබූ බව ද වඩාත් සුදුසු එය බව ද ඔහු කියා සිටියේය.

Related posts

වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින්

colombotoday

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…!

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin