Colombo Today Local News

පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පාරට

රථවාහන පරීක්ෂා කිරිම් අද (13) සිට වැඩි කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන සහ සෞඛ්‍යාරක්ෂක ක‍්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් හඳුනා ගැනීමයි අරමුණ. සෑම දිනකම පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පමණ මාර්ගවල සිට රථවාහන පරික්ෂා කිරිම් සිදු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නෙ.

අදාල සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ආයතන රැසක් විවෘත කර පවත්වාගෙන යාමට අවසර දී තිබෙනවා. එහෙත් සති පොළ සහ පිසූ ආහාර අළෙවිසැල් තවදුරටත් විවෘත කිරිමට අවස්ථාව නොමැති බවයි අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නෙ.

කොළඹ නගරයේ ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් හදුනා ගැනිම සදහා පොලිස් ආරක්ෂක කැමරා සියයකට වැඩි ගණනක් කි‍්‍රයාත්මක බවද පොලිසිය සදහන් කළා. ඇඳිරිනීතිය ආරම්භවූ දින සිට මේ දක්වා පුද්ගලයන් පනස් දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා – අගමැති කියයි

colombotoday