ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමන් මහනුවර දිස්ත්රික්කයේ පොදුජන පෙරමුණු අපේක්ෂක බාරත් අරුල්සාමි මහතාගේ ජයග්රහණය උදෙසා ගලහා මහජන රැලියට සහබාගී විය. ශ්රී ලංකා කම්කරු කොන්ග්රසයේ උප ලේකම් වන යොවුන් නායක අරුල්සාමි මහතාගේ ඇරයුමෙන් විශාල ජනකායක් මැතිවරණ ජය තහවුරු කිරීම සදහා මෙම රැලියට සහබාගී විය.
අතිගරු ජනාධිපතිතුමන් ජනතාවට පවසා සිටියේ දමිල ජනතාවගේ එකම තේරීම විය යුත්තේ බාරත් අරුල්සාමි බවත් ඒ හා සමානවම මහනුවර දිස්ත්රික්කයේ සියලු ජනතාව එකතුවී බාරත් ගේ ජයග්රහණය තහවුරු කලයුතු බවත්ය. තවද එතුමාගේ උපරිම සහායෝගය බාරත් අරුල්සාමි හට ලබා දෙන බවත් ප්රකාශ කල අතර අරුල්සාමි මහතා විසින් “මහනුවර තිරසාර සංවර්ධනයේ දැක්ම ” වැඩපිලිවෙල ජනාධිපතිතුමාට එහිදී බාරදෙන ලදී.