Colombo Today Local News

පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප්

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගත් අයට පුහුණුව ලබාදීමේ කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද (5) සාකච්ඡා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

එම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් නොවන නිසා ඔවුන්ගේ පුහුණු කාලය අවහිර කිරීමේ අර්ථයක් තිබේද යන්න කල්පනා කර බලා මැතිවරණ කොමිසමේ විද්වතුන් සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
එම බඳවාගත් උපාධිධාරීන්ට පුහුණු කාලයේදී ගෙවිය යුතු රුපියල් 20,000 ක මාසික දීමනාව ලබාදීම මෙම මාසයේ සිට සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා පසුගියදා  ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පත්වීම්  ලිපි තැපැල් කර තිබිණි.

පුහුණු කාලයේදී ගෙවීමට පොරොන්දු වී ඇති පරිදි අයකුට රුපියල් 20,000 ක් බැගින් උපාධිධාරීන් 50,000 ක් දෙනාගේ වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියනයක් හෙවත් රුපියල් කෝටි 100 ක මුදලක් අවශ්‍ය වේ. 

Related posts

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

ලක්ෂ 120ක් වංචා කළ, කැලණිය ජල මණ්ඩල හිටපු ගණකාධිකාරීට වසර 37ක සිර දඬුවමක්

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

“බැදුම්කර මගඩිය මහින්දගේයි.. අපි නීතිමය පියවර ගන්නවා“ – මුදල් අමාත්‍යාංශය

colombotoday

ජල ගාස්තුවත් ළගදීම වෙනස් වෙයි !!

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday