Colombo Today Local News

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක් පත් කරයි

දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29)දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

උපදේශක කමිටුව මඟින් දිවයිනේ පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබාගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබාගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථානීය නිරීක්ෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම මෙම උපදේශක කමිටුව මඟින් අපේක්ෂිතය.

පත්කරන ලද උපදේශක කමිටුවේ සාමාජිකයින් පහතින් දැක්වේ.

1.පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහානිකායේ අස්ගිරිමහා විහාරපාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය වෙඬරුවේ ධර්ම කිර්ති ශ්‍රී රතනපාල උපාලි නාහිමි.

2.දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමි.

3.අනුරාධපුරය රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි.

4.පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.

5.පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නා හිමි.

6.අස්ගිරි පාර්ශවයේ බෙලිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන නා හිමි.

7.සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි.

8.මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.

9.ආචාර්ය පූජ්‍ය මාඳුරුඔයේ ධම්මිස්සර හිමි.

10.හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල

11.පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංග.

12.ආචාර්ය ගාමිණී විජේසූරිය.

13.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා.

14.විද්‍යා ජෝති ඉංජිනේරු ගැමුණු සිල්වා.

15.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග.

16.වාස්තු විද්‍යාඥ ඈෂ්ලිද වෝෂ්.

17.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

18.ඩබ්.එම්.එස්.වීරසේකර.

19.සිරිනිමල් ලද්දුසිංහ.

20.මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර.

Related posts

මංත්‍රීවරයෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

Admin

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

Admin

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

තත්වය බරපතලයි.. උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටිනවා – බුද්ධි අංශ අනතුරු අගවයි

colombotoday

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday