Colombo Today Local News

පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි කිරීමට කිසිවෙකුට ඉඩනොතබන බව ජනපති කියයි

පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක දේපලවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

සියලු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරමින් වෙල්ලස්සේ උරුමය සුරකින වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් සකස් කරන බව ජනාධිපතිවරයා පවසයි.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මොණරාගල දිස්‍ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වෙල්ලස්සේ පෞරාණික වටිනාකම ඉස්මතුවන ලෙස සංචාරක කර්මාන්තයට විවෘත කිරීමේ ඇති හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා බුදුරුවගල සහ බතලආර වැව ඇතුළු වැව් ප්‍රතිසංස්කරණයෙන් කෘෂිකර්මාන්තයේ දියුණුවට විශාල දායකත්වයක් දිය හැකි බව ද කියා සිටියේය.

වට්ටක්කා සහ කොමඩු ආශ්‍රිත අතුරු නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමටත්, ගම්මිරිස් හා දොඩම් වගාව ප්‍රවර්ධනයටත් පියවර ගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

Related posts

සැර අඩු රසායනික පළිබෝධනාශක ගෙන්වන්න පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ දුන් බව ඇමති කියයි

colombotoday

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday

හල්ලොලුව කර ඇත්තේ බොරුවක්.. සභාපතිකමෙන් ඉවත් කළේ ගිය මාසයේ… ලිපිය මෙන්න !

colombotoday

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday