Colombo Today Local News

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලසීමාවේ යළි සංශෝධනයක්

කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පංති කිහිපයක් පැවැත්වෙන කාලසීමාව යළි සංශෝධනය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස 2වනදා (බදාදා) සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මාසය අවසන් වන තෙක් පමණක් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරෙනු ඇති.

Related posts

කොන්ද පන තියෙන නායකයෙක් රටට අවශ්‍යයි. සිරිසේනට මගේ සහය නෑ – කුමාර වෙල්ගම කියයි

colombotoday

මරික්කාර්, මුජිබර්, සාලි මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමයි (Video)

colombotoday

“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

අද නිරිත දිගට තද වැසි

Admin

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin