Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්…

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු අද (19 ) නියම කළේය.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිණි.

එම නඩුවට ඇප ලබා සිටි මොවුන් දෙනොට සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබු අතර 2017 දී අගෝස්තු මාසයේ සිට සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම මොවුන්ට එරෙහිව නැගා තිබු චෝදනා වේ.

Related posts

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි

Admin

රංජිත් නිර්මාල් ඔබ දැන් කොහිද… 6%ක් අධ්‍යාපනයට දුන් නෑ නේද… ඊට වඩා උපදෙස්කම සැප නේද

colombotoday

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin