Covid 19

පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ අතර, වාද්දූවේ පදිංචි යුද හමුදා සිවිල් සේවකයෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ ආසාදිතයා වෙනත් ස්ථානයකින් PCR පරීක්ෂණයක් සිදුකර ඒ බව නොදන්වා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර, නාගොඩ රෝහලට පැමිණ ඇති බවය.

එහි ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ වාර්තාව පැමිණීමත් සමග ඔහු ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරුකර යවා ඔහු රඳවා සිටි වාට්ටුව විෂබීජහරණයට ලක්කර තිබේ.

මොහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව සෞඛ්‍ය අංශ පවසති.

එසේම මාළු මිලදී ගැනීමට පෑලියගොඩට ගිය ජා-ඇළ සහ කඳාන ප්‍රදේශවල වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් 73කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ඊයේ රාත්‍රියේ දී ඔවුන්ව රෝහල්ගත කර තිබේ.

Related posts

හිටපු අමාත්‍ය පී.හැරිසන්ටත් කොරෝනා

colombotoday

අගමැතිගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට කොවිඩ්.

colombotoday

මහරගම පොලීසියටත් කොරෝනා රිංගයි – නිලධාරීන් 12කට ආසාදිතයි. 15ක් නිරෝධායනයට

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday