Colombo Today Local News

පාකිස්ථානය දූවිල්ලක් බවට පත් කිරීමට අපට අවශ්‍ය වන්නේ දින 10ක් පමණයි – නරෙන්ද්‍ර මෝදි

පසුගිය අඟහරුවාදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එරට කැඩෙට් බලකායේ  රැලියක් අමතමින් නරේන්ද්‍ර මෝඩි  පවසා සිටියේ පකිස්ථානය දූවිලි ගොඩක් බවට පත් කිරීමට ඉන්දියාවට අවශ්‍යවන්නේ දින7ත් 10ත් අතර කාලයක් පමණක් බවයි.

තමන්ගේ පුරෝගාමී ඉන්දියානු නායකයන් පකිස්ථානය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය විවේචනය කරමින් අදහස් දැක්වූ නරේන්ද්‍ර මෝඩි මහතා ” ඉන්දියානු හමුදාවේ හිටපු ඉහළ නිළධාරීන් අවස්ථා කිහිපයකදී පකිස්ථානයට එරෙහිව යුද වැදීමේ අවශ්‍යතාවය මතුකරනු ලැබුවද ඉන්දියාවේ හිටපු දේශපාලන නායකත්වය ඒ සඳහා සූදානමක් නොතිබුනු බව පවසා සිටියේය.පකිස්ථානය සමඟ ගනුදෙනුවේදී “නීතිය සහ විධානය” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුනු සෑම මොහොතකම ඉන්දියාව පකිස්ථානය සමඟ “ප්‍රොක්සි යුද්ධයකට” අවතීර්ණ වූවා මිස ප්‍රශ්නයට නිවැරදිව මුහුණ දුන්නේ නැති බව ඔහු අවධාරණය කළේය.

දෙරට අතර පැන නගින යුද්ධයකදී පකිස්ථානයට හැරෙන්නටවත් අවස්ථාව නොලැබෙන බවද ඉන්දියානු අගමැතිවරයා පවසා සිටියේය. ඉන්දියාව සහ පකිස්ථානය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමෙන් පසු අවස්ථා තුනකදී යුද වැදී ඇති අතර දෙරට අතර සුළු ගැටුම් ගනනාවක්ද මේ දක්වා ඇතිවීතිබේ. කාශ්මීරයට අයිතිවාසිකම් කීම මෙම යුද්ද වලට ප්‍රධාන හේතුව වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දියාවට මිලියන 1.2ක හමුදාවක් සිටින අතර පකිස්ථානයට ඇත්තේ 560000ක හමුදාවකි. කලාපීය බලවතුන් වන දෙරටම න්‍යෂ්ටික අවි බලය හිමි කරගෙන ඇති අතර ඉන්දියාව සහ පකිස්ථානය යුද වැදුනහොත් ශ්‍රී ලංකාව ඇතුළුව දකුනු ආසියානු කලාපයම දරුනු තත්වයකට මුහුණදීම වැලැක්විය නොහැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

මූලාශ්‍ර

ජීවන්ත ජයතිස්ස
[email protected]

Related posts

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday

අක්ෂි සැත්කමෙන් පසු පේන ඇස් අන්ධ කළ බෙහෙත ගැන ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

colombotoday

වෙලේ සුදාට තොන්ඩුව- දිනය සහ වෙලාව ජනපති නියමයෙන්

colombotoday

කිලෝමීටරයකටවත් නැති පාරක් හදන්න වසර එකහාමාරකටත් වඩා කාලයක් යනවා.

colombotoday