Colombo Today Local News

ප්‍රබල ඇමති සොයුරා සමග එක්වී ලංකාවේ කුළුබඩු කීර්ති නාමය වනසයි… ආණ්ඩුව අස්සයා පැනගිය පසු ඉස්තාලය වසා දමයි…

ශ්‍රී  ලංකාවට කුළු බඩු ආනයනය කිරීම තහනම් කිරීම ‘අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම’ වැනි වැඩක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පැවැසීය.

අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුළු දේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බව පුවත් පත් වාර්තා කරලා තියෙනවා. වසර හතරක් තිස්සේ දේශීය ගොවියාට කරන්න තියෙන හානිය කරලා වසර හතරකට පස්සේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ දැන් කියනවා ආනයනය සම්පූර්ණයෙන් අත් හරිනවාලු.

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ළවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරලා ශ්‍රී ලාංකීය වෙළද නාමය විනාශ කළා.  අනෙක් පැත්තෙන් ගොවියා අනාත කරලා දැම්මා.”

Related posts

මාර්ග සංවර්ධනයේදී නාම පුවරුවලින් දේශපාලක රුව, නම ගලවයි… ජනපතිගෙන් නියෝගයක්

colombotoday

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

Admin

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

colombotoday