Colombo Today Local News

ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාවේ තිබි අධිකරණයට ඉදිරිපත් නොකළ හෙරොයින් සහ අයිස් කිලෝ 600ක තොරතුරු හෙළිවේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ ආන්දෝලනාත්මක ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාවේ ඊයේ (09)දින සිදුකළ විශේෂ පරීක්ෂාවේ දී අධිකරණයට ඉදිරිපත් නොකළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් අද (10)දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ආවේය.

මෙම මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවල සීල් කඩා තිබෙනවාද, අජිනමොටෝ හෝ ලුණු මිශ්‍ර කර තිබෙනවා ද යන්න පිළිබඳව මෙහිදී සොයා බැලීමට නියමිතව ඇත.

පොලීසිය සැක කරන්නේ, මෙම හෙරොයින් කොරෝනා පැවැති සමයේ අත්අඩංගුවට ගත් ඒවා වන අතර ඒවා අධිකරණයට ඉදිරිපත් නොකළ ඒවා බවය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අදාළ නඩු භාණ්ඩ ගබඩාවට පසුගිය ජුනි 28 වැනි දා මුද්‍රා තැබුවේය.

මෙම නඩු භාණ්ඩ ගබඩාවේ තිබෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, රජයේ රස පරීක්ෂකවරයාට පෙරේදා (08)දින නියෝගයක් කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් සතුවූ වාහන 11ක් ඊයේ සොයාගත් අතර, සිදුකළ පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ ඔවුන් ඉඩම් කට්ටි 18ක් ද මිලදී ගෙන ඇති බවයි.

මේ අතර ඊයේ අත්අඩංගුවට ගත් රොහාන් ප්‍රදීප් නොහොත් කළු මල්ලී නැමැති පුද්ගලයා දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීමෙන් කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 1000ක මුදලක් උපයාගෙන ඇති බව ද පොලීසිය අනාවරණ කර ගෙන තිබේ.

Related posts

නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

colombotoday

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ලාංකිකයින්ටත් අවස්ථාව

Admin

වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම කියයි

Admin