Colombo Today Local News

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමානිර්ණ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දී තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ඊට අදාළ වාර්තාව ඊයේ (19) දින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දුන් බවයි.

මෙහිදී මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා සරල බහුතර ක්‍රමය අනුව සියයට 50ක නියෝජිතයන් පත් කර ගත යුතු වන අතර, තවත් සියයට 50ක් සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ පත් කර ගැනීමට නියමිතයි.

2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එමගින් නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය.

Related posts

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday