Colombo Today Local News

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

පළමු පාසල්වාරය තුළ සෑම පාසලක ම  නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙයි.

මේ නිසා බොහෝ සිසුන් පළමු පාසල් වාරයේ  නිසි සූදානමකින් තොර ව විභාගවලට මුහුණ දෙන බවත්, ඇතැම් සිසුන්ගේ විභාග කටයුතු අතපසු වේයැයි බියෙන් ක්‍රීඩා, චාරිකා ආදියට සහභාගී නොවී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත්, ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් මැදිහත්ව ඔවුන් ක්‍රීඩා කටයුතුවලින් බැහැර කරන අවස්ථා පවතින බවත් අනාවරණය වී තිබේ.

එමෙන් ම විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සිදුකෙරෙන පළමු පාසල් වාරය සෑම පාසලක ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ද ඉතා කාර්යබහුල කාලවකවානුවකි.

මේ කරුණු සියල්ල සලකා බලා ඉදිරියේ දී පළමු පාසල් වාරය තුළ රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ  විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති හෙයින්  එහි වෙනසක් සිදු නොකෙරෙන අතර, මේ වර්ෂයට අදාළ පළමු පාසල් වාර විභාග  නියම කර ඇති ආකාරයට පැවැත්වීමට පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

‘ගෝල්ෆේස් පිරෙව්වා.. හැකිනම් මැතිවරණය පවත්වන්න‘ – ආණ්ඩුවට මහින්දගෙන් අභියෝගයක්

colombotoday

ICBT කැම්පස් හී හොර මගඩි රැසක් එලියට – පැමිණිලි රැසක් පොලීසියට – සුදුසුකම් නොමැති සේවකයන් – සේවිකාවකට ලිගික අතවර

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කෝටි ගණනක වංචාවක් – විශේෂ හෙළිදරව්ව

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin

සජිත්ගේ ජනපති අපේක්ෂක එකගතා ලියවිල්ල ලීක් වෙයි… දිනුවානම් රටම සුන් !

colombotoday