Colombo Today Local News

පශ්චාත් මැතිවරණ සමය සාමකාමි බව කැෆේ සංවිධානය කියයි

පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වාදුන්නේ මැතිවරණයෙන් පසු ගෙවුණු සතිය පුරා කළ නිරීක්ෂණවලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවය.

පශ්චාත් මැතිවරණ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති බවත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නීතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරතවීම ආදී කරුණු බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

සිවිල් සංවිධාන දියත් කළ වැඩසටහන් මෙන්ම මැතිවරණ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර පශ්චාත් මැතිවරණය සමය සාමකාමී වූ බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

Related posts

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

colombotoday

මත්තල සහ ත්‍රීකුණාමලය ඉන්දියාවට දෙන්නේ නෑ – අගමැති මහින්ද, මෝදිට කියයි

colombotoday

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

colombotoday

භූ ජලය සූරා ගන්නා ආයතන 500කට අධික ප්‍රමාණයක් ගැන අනාවරණයක්

colombotoday

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

colombotoday