World

පවුලේ අය, හිතමිතුරන් වැළඳගැනීමට නොහැකිද? එහෙනම් ගසක් වැළඳගන්න

කොවිඩ් හේතුවෙන් එකිනෙකාගෙන් හැකිතරම් දුරින් සිටින ජනතාවගේ මානසික සුවය ඇති කිරීම සඳහා ඊශ්‍රායලයේ සංවිධානය කර තිබූ අපූරු වැඩසටහනක් කාගෙත් අවධානය දිනා ගැනීමට සමත්වී තිබේ.

එම කටයුත්ත නම්කර ඇත්තේ, “ගසක් වැළඳගන්න” ලෙසය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථකරණය දිරිමත් කිරීමට ලෝකයේ සියලූම රටවල් පාහේ මේවනවිට විවිධ පියවර ගනිමින් සිටී.

මෙවන් පසුබිමක සිය පවුලේ සාමාජිකයින්, ළබැඳියන් හා හිතමිතුරන් වැළඳගැනීමට පවා නොහැකිව මානසික පීඩාවට පත්ව ඇති ජනතාවට අස්වැසිල්ලක් වීමට ඊශ්‍රායල ස්වභාවික හා උද්‍යාන අධිකාරිය කටයුතු කළේය.

පවුලේ අය, හිතමිතුරන් වැළඳගැනීමට නොහැකිද? එහෙනම් ගසක් වැළඳගන්න., මෙය ඊශ්‍රායල ස්වභාවික හා උද්‍යාන අධිකාරියේ අලුත්ම පණිවිඩය විය.

වඩාත් අප්‍රියජනක කොරෝනා කාලසීමාවේ ජනතාව සොබාදහමට වඩාත් සමීප කරවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවටනැංවූ බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.

ටෙල් අවීව් නුවර උද්‍යානයක පැවැති ගස් වැළඳගැනීමේ, අපූරු වැඩසටහන සඳහා සැලකිය යුතු පිරිසක් එක්ව සිටියා.

ගතවූ මැයි මාසයේදී කොවිඩ් ව්‍යාප්තිය තරමක් පාලනය කිරීමට ඊශ්‍රායල රජය සමත්වුණා. මේ දක්වා එරටින් කොරෝනා ආසාදිතයින් 42,360 වාර්තා වී ඇති අතර පුද්ගලයින් 371ක් දෙනෙක් මියගොස් තිබේ.

පසුගිය සති කිහිපයේදී නැවතත් කොවිඩ් පැතිරයාමේ වර්ධනයක් එරටින් වාර්තා වීමත් සමගම මුඛ ආවරණ අනිවාර්ය කිරීම හා පුද්ගල හමු අවමකරන ලෙස රජය ජනතාවට දන්වා සිටී.

Related posts

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

Admin