Colombo Today Local News

පරිසරය වනසන ත්‍රස්තවාදියාට එරෙහිව මෙහෙයුම ඇරඹුනා – විල්පත්තුවේදී හමුදාපති කියයි…

පරිසරය විනාශ කරන ත්‍රස්තවාදියාගෙන් මේ රටේ අද දවස සහ අනාගතය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පෙරමුණ ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

විල්පත්තු වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩ සටහනට යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ සංවිධානත් ඇරඹමින් ඔහු මේ බව කීය.

අද දිනට යෙදී තිබූ විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව මෙම රුක් රෝපණ වැඩසටහනද ආරම්භ කරන ලදී.

ෆේස්බුක් මගින් සහ වේදිකාවන්හි දී පමණක් ගස් සිදුවන්නේ නැතුව කරුණාකර තමන් සමග එක්වන්නැයි තමන් ජනතාවට ආරාධනා කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම සිටුවන ලද ගස් රැකගැනීම සඳහා ත‍්‍රිවිද හමුදාව හමුදාව වශයෙන් කැප වී කටයුතු කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ආප්ප න්‍යායෙන් විශ්වාසභංගයට සහය දෙන්න – ගම්මන්පිල එජාප මන්ත්‍රීලාගෙන් ඉල්ලයි

colombotoday

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

ගස් කපන කියතකින් කකුල් දෙක කපා පුද්ගලයෙකු ඝාතනය කරලා

colombotoday

ජනපති ගෝඨාභයට රට පාලනය කරන්න ඉඩ දී මහින්ද දැන් විශ්‍රාම ගත යුතුයි – රතන හිමි

colombotoday

හදුනා නොගත් උණක් පැතිරෙයි

Admin

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

colombotoday