Colombo Today Local News

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් එක්ව ඊයේ (02)දින මෙම මෙහෙයුම සිදුකර ඇත.

සොයා ගත් ද්‍රව්‍ය අතර, කොටසක් විනාශ වී තිබූ මල්ටිබැරල් උණ්ඩයක්, මිලි මීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් හා මිලිමීටර් 120 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම බර අවි උණ්ඩ මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ භාවිතා කරන ලද උණ්ඩ බවට සැක පළ කරන අතර එම සොයා ගන්නා ලද උණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සර්ධාපුර විශේෂ කාර්ය බලකාය මඟින් සිදුකරනු ලබයි.

Related posts

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

හුසේන්ලාට අමතක වූ, සංහිදියාවේ නාමයෙන් යටපත් කරන්න හදන “ලයන් එයාර්“ යුධ අපරාධය

colombotoday

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

Admin

කතානායකගේ උපාධිය බොරු එකක්නම් වහා ඉල්ලා අස්වෙනු

Admin