Colombo Today Local NewsWorld

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

20151019001392_0-1-499x500නුපුහුණු විදෙස් ශ්‍රමිකයන් කොරියාවේ සේවය සඳහා පැමිණීම සීමා කිරීමට එරට රජය තීරණය කර ඇති බව කොරියන් හෙරල්ඩ් පුවත්පත පවසයි.

එයට හේතුවී ඇත්තේ, පුහුණු විදෙස් ශ්‍රමිකයන් කොරියාවේ පදිංචිය සඳහා ආකර්ශනය කරගැනීමට රජය තීරණය කිරීමයි.

පුහුණු විදෙස් ශ්‍රමිකයින්ට කොරියාවේ සේවය සඳහා පැමිණිමට අවශ්‍ය කරන ලිහිල් කිරීම් සිදු කිරීමට රජය මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බවද සඳහන්ය.

කොරියාවේ උපත් අනුපාතිකය මේ වන විට පහල වැටි ඇති බව සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.  පුහුණු කුසලතා සපිරි ශ්‍රමිකයන්ට එරට අධ්‍යාපනය හැදෑරීමට, රැකියා වල නිරත වීමට  හා ජීවත් වීමට පහසු කරවීම රජයේ අරමුණ වී තිබේ.

ඒ අනුව විදෙස් සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව තවත් ඉහළ නැංවීම හා ඔවුන්ට ගැලපෙන රැකියා අවස්ථා ලබාදී, ඔවුන්ට‍ කොරියාවේ පදිංචිය හිමි කර දීමට රජයේ අවධානය යොමු වී තිබේ.

විශේෂයෙන්ම කොරියාවේ පර්යේෂණ හා සංවර්ධන අංශය තුල විශාල රැකියා අතිරික්තයක් පවතින අතර ඒ අඩුව පිරවීම සඳහා ඒ අංශයට අදාළව විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීමට ශිෂ්‍යත්ව බහුතරයක් ලබා දීමට රජය සැලසුම් කර ඇති අතර ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 2020දී 32,646 දක්වා ඉහළ දමනු ඇත.

මිලියන 1.8 කට වැඩි ප්‍රමාණයක් විදෙස් ශ්‍රමිකයන් ප්‍රමාණයක් කොරියාවේ ජීවත් වන අතර ඉන් බහුතරය කර්මාන්ත ශාලාවන්හි, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා කෘෂිකාර්මික බිම්හි  සේවයේ නියුතු නුපුහුණු ශ්‍රමිකයන්ය.

කොරියන් සමාජයට එක්වීමට අපහසු හා ස්වාධීනව ජීවිත් වීමට නොහැකි පුද්ගලයින්ට කොරියාවේ පදිංචිය ලබාදීම වැලැක්වීමට රජය බලාපොරොත්තුවේ.  එරට පදිංචිය ලබා දීමට නම් යම් නිශ්චිත ප්‍රමානයකට වඩා ඉපයීම් සිදු කිරීමට සමත් විය යුතු අතර, සමාගම් සේවකයන් බඳවා ගැනීමේදී විදෙස් ශ්‍රමිකයන්ට පෙරාතුව දේශීය සේවකයින්ට අවධානය යොමු කරවීමට රජය මේ හරහා බලාපොරොත්තු වේ.

වැඩබිම

Related posts

බැදුම්කර වාර්තාව පිටු හයදාහකට වැඩියි.. පාර්ලිමේන්තුවට දුන් පිටපතේ පිටු 1152යි..

colombotoday

ප්‍රේමලාල් මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යයි..

colombotoday

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

colombotoday

පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි

colombotoday

අපි විපක්ෂයට යන්නේ බලලෝභීකම නිසායි. යහපාලනය යනු අල්ලපු ගෙදර එකා රජ කරවන එක නොවෙයි. රවී කරුණානායක

colombotoday

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

colombotoday