Colombo Today Local News

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ තොගය පාර්සල් 33 ක බහා තිබී ඇත.

නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කරන අතර. අදාල බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය. තවද, පසුගිය මාර්තු 26 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

ඒ අනුව, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාවන් 08 කදි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී බීඩී කොළ කිලෝග්‍රෑම් 8000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් සාගරය ප්‍රයෝජනයට ගනිමින් නීති විරෝධී ක්‍රියාවන් සිදු කරනු ලබන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර දීමට හැකි වි ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටි.

Related posts

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday

ධම්මික පැණියේ කාලක් 2500ට දෙන්නද මගෙන් ඇසුවා… ඒ පැණිය මිත්‍යාවක්

colombotoday

වසන්ත මුදලිගේ,ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday

සඳහිරු සෑයේ නිදන් වස්තු ගැන FCID පරීක්ෂණ ඇරඹේ.. නාහිමිවරුන්ගෙනුත් ප්‍රශ්න කෙරේ !!

colombotoday