Colombo Today Local News

නීති විරෝධීව බෙදා දීමට සැලසුම් කළ සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලක්‍ෂ 8ක් මැකො අත්හිටුවයි

මැතිවරණයක් ප‍්‍රකාශ කර තිබියදී නීති විරෝධී ලෙස සමෘද්ධි හිමිකම් පත‍්‍ර බෙදා දීමට සැරසෙන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පෙරේදා (19) සමෘද්ධි අධිකාරියට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරණයෙන් පසුව සමෘද්ධි ආධාර ලබා දෙන බව පවසා සකස් කරමින් සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලක්‍ෂ අටක ප‍්‍රමාණයක් සොයාගෙන තිබේ.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහි යන විට එම ස්ථානයේ විෂය භාර ඇමැති දයා ගමගේ මහතා සහ සමාද්ධි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද සිට ඇත.

සමෘද්ධි හිමිකම් සඳහා තෝරාගෙන ඇති බවත් ජනාධිපතිවරණයෙන් පසුව අදාළ දීමනා ලබා දෙන බවත් එම හිමිකම් පත‍්‍රවල සටහන්ව තිබී ඇත.

මෙම හිමිකම් පත‍්‍ර තොගය හමුවීමත් සමග මැතිවරණ කොමිසමේ නිලධාරීන් එම හිමිකම් පත‍්‍ර ලබාදීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

colombotoday

යහපාලන ආණ්ඩුවත් සොහොන් කණු පසුකරමින් මිනී වලට ඇදෙනවා – දුමින්ද නාගමුව

colombotoday

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සෙවූ 6ක් STF දැලේ

colombotoday

‘ෆොන්සේකා හමුදාපති කලේ මිනීමරු මානසිකත්වය නිසා‘ – ප්‍රසන්න රණතුංග

colombotoday