Colombo Today Local News

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ නිවාර් චණ්ඩ සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කිලෝමීටර් 230 ක් නැගෙනහිරින් ස්ථානගතව පවතින බවයි.

ඉදිරි පැය 24 ක කාලය තුළ එය ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට හරහා ගමන් කරනු ඇතැයි අපේකෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ජනපති සේනාවක් අරන් ඇමරිකා ගිහින්… අගමැතිට කෝටි 59ක කාර් දෙකක් ගෙන්නලා….

colombotoday

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කිරීමට නව ආණ්ඩුවේ සූදානම ගැන මංගලගෙන් පැසසුම්…

colombotoday

පෙට්‍රල් හිගය තවත් උග්‍ර වෙයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමති කියයි

colombotoday

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

colombotoday

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday