Colombo Today Local News

නිලධාරීන්ට පහර දී පැනයන්න හැදු නිරෝධායන පිරිසකට වෙඩි තබයි

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ.

එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12)දින රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබිණි.

රැදවියන්ගෙන් පහරකෑමට ලක් වූ බන්ධනාගාර නිලධාරියෙකු මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහර දී පළා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටම නිරෝධායනයට යොමු කර තිබූ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැඳවියන් පිරිසකි.

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

colombotoday

රාජ්‍ය ආයතන 420ක ලොක්කන් අක්‍රමිකතා ගැන විමසන්න කෝප් කමිටුවට කැඳවයි

Admin

ඩොලරයේ අද මිල

Admin