Colombo Today Local News

නිරෝධායනයට ලක්වු කත ඥාතීහු ප්‍රතික්ෂේපකරද්දී, ඉතා දිළිඳු පවුලක් ඇය බාර ගනියි

නිරෝධායනයට ලක් වූ 74 හැවිරිදි කාන්තාව බාර ගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඉතා  දිළිඳු පවුලක් ඇයව බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බව වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය.  

මීගහතැන්න පොලිස් වසමේ ලිහිණියාව කුමාරකන්ද ලිපිනය  පදිංචි ආර් ඒ  එමලින් නැමති වයෝවෘද්ධ අවිවාහක කාන්තාවක්  ඉකුත් සතියේ කෝවිඩ් ආසාදිතයන් වාර්තා වූ ස්ථාන දෙකක නේවාසිකව සිටීම හේතුවෙන් ඇයව දින 21 නිරෝධාානය ට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරන ලදී. 

කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඉකුත් දිනෙක නාගොඩ රෝහලට  ඇතුළත් කළ ඇය පීසීආර්  පරීක්ෂණයකින්  කෝවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් පසු ,රෝහලෙන් නික්ම ගොස් ඇත  

ඇය  ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කොරෝනා  ආසාදිතයින් වාර්තා  වීමත් සමග ඇයව බාර ගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හෝමාගම  නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කිරීමට වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කටයුතු කරන ලදී.

එහිදී සිදුකළ පරීක්ෂණවලදී ද ඇයට  වයිරසය ආසාදිත වී නොමැති බව තහවුරු වුව ද ,මෙම මධ්‍යස්ථානයෙන් ද වයිරස් ආසාදිතයන් හමුවීමෙන් මෙම කාන්තාව දින 21 ක නිරෝධායනයට යොමු කර ඇත. 

එහිදී ඇය  බාර ගැනීම සිය සොයුරිය සහ සොයුරා  තරයේ ප්‍රතික්ෂේප කළ ද ,ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක් ඇයව බාර ගැනීමට ඉදිරිපත් වූ බවත් ,එය මිනිස්කම හා නොමිනිස්කම සංකේතවත් කළ අවස්ථාව  බවත්  සෞඛ්‍ය නිලධාරීහු පැවසූහ.

කෙසේ වුවද එම දිළිඳු නිවසේ නිරෝධායනය සඳහා කිසිදු  ඉඩකඩක් නොමැති වීම නිසා ,අතරමං වූ කාන්තාව ලිහිණියාව මොරගල ප්‍රජා ශාලාවක නවත්වා නිරෝධායන කිරීමට බලධාරීන් විසින් කටයුතු කරන ලදී.

Related posts

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

colombotoday

ඊබ්‍රහිම්ගේ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ බිලියන ගණනක් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට දීලා

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

(Live – Video) විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව විරෝධතාවය ඇරඹෙයි

colombotoday