Colombo Today Local News

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

මත්ද්‍රව්‍ය නාශක අංශයේ කීර්තිමත් පොලිස් පරීක්ෂකවරයෙකු වූ නිර්මාල් රංජිත් මහතා එම අංශයෙන් වෙනත් ශ්‍රේෂ්ඨ අංශයකට මාරු කර යැවීමට පොලිස්පතිවරයා විසින් ගත් උත්සාහය ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

සේවා අවශ්‍යතා මත සඳහන් කරමින් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඊයේ (20 දා) මෙම ස්‌ථාන මාරුව කර ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

 මෙම ස්‌ථාන මාරුවත් සමග, පිළියන්දල ප්‍රදේශයේදී මත්කුඩු ජාවාරම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරුවී මාරාන්තික තුවාල ලබා සුවය ලද පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් මෙතෙක්‌ ලබාදුන් ආරක්‍ෂාව ඉවත් කිරීමටද  පියවර ගෙන තිබිණි.

  

Related posts

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

රන් මිල ඉහළ යයි

Admin

ඉදිරි වසර කිහිපය තුල විදුලි බිල දැනෙන්න අඩු කරනවා

Admin

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday