Colombo Today Local News

නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ නියෝජිත සමුළුව අද (04)  පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

“තීරණය රට වෙනුවෙන්” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මෙම විශේෂ නියෝජිත සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත වේ.

වර්තමාන දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇති බවට පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.

මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බවට වාර්තා වේ.

Related posts

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක් වෙයි

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday