Colombo Today Local News

නාවික හමුදා කදවුර ඉවත් කරන්නැයි සිලාවතුරේ විරෝධතා…

නාවික හමුදා කඳවුරක් ඉවත් කරන ලෙස ඉල්ලා සිලාවතුර ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වී තිබෙනවා.

මන්නාරම, මුසලි ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් තුළ මෙම නාවික හමුදා කඳවුර ස්ථාපිත කර ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

පැවති යුදමය තත්ත්වය හේතුවෙන් 1990 වසරේ දී සිලාවතුර ප්‍රදේශයේ තම ඉඩම් අත්හැර කල්පිටිය ප්‍රදේශයේ අවතැන් කඳවුරු වෙත ගොස් ජිවත් වූ බවද ඔවුන් පවසයි.

සිය මුල් ඉඩම් ලබාදෙන ලෙසට මන්නාරම දිස්ත්‍රික් ලේකම්, මුසලි ප්‍රාදේශිය ලේකම් ඇතුළු පිරිස් වෙත ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෙම නාවික කදවුර ඉවත් කරන්නැයි කලක සිට බලපෑම් එල්ල වෙමින් පවතින අතර ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය හා හොරබඩු ජාවාරම සදහා ප්‍රසිද්ධ කලාපයක් වන මෙම මුහුදු සීමාවේ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් සීමා කිරීමට මෙම නාවික කදවුර හේතු වී ඇති බවයි.

Related posts

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

Admin

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin

“ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ.”

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin