Colombo Today Local News

නාම පුවරුවලින් මෛත්‍රීගේ නම වසා තබන්නැයි මැතිවරණ කාර්යාලය දන්වයි. සල්ලි දුන්නොත් වහන්නම් පළාත් පාලන ආයතන කියයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූරකාලයේදී පොළොන්නරුවේ සිදුකරන ලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරුඵලක හා පුවරුවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ නම ඇතුළත්ව තිබේනම් මැතිවරණ කාල සීමාව තුළ එම නම සහ රුව  වසා තබන්නැයි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇත.

සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මහත්මිය පොළොන්නරුව  නාගරික කොමසාරිස්වරුන්ට සහ ප්‍රාදේශීය සභා වල ලේකම්වරුන්ට ඊයේ (25) ලිපියක් යවමින්  මෙම දැනුම් දීම කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ රුව සහ නම මෙම පුවරු සහ සමරු ඵලක වල ප්‍රදර්ශනය වීම අපේක්ෂක ප්‍රවර්ධනයට වක්‍රාකාරයෙන්  බලපාන නිසා මෙම පියවර  ගන්නැයිද එම ලිපියෙන් දන්වා ඇත.

දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල බලයලත් නියෝජිත රැස්වීමේදී ඉදිරිපත් වූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද සහකාර මැතිවරණ කොමසාරිස්වරිය සිය ලිපියෙන් දන්වා ඇත.

මේ අතර පොළොන්නරුව මැතිවරණ කාර්යාලයේ ලිපියට ප්‍රතිචාර දක්වමින් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානියෙක් පිළිතුරු ලිපියක් යවා ඇති අතර තම බල ප්‍රදේශයේ එවැනි පුවරු සහ ඵලක 3000 ක් පමණ තිබෙන බවත් ඒවායේ රුව සහ නම වසා තැබීමට තම ආයතනයට මුදල් නොමැති බවත් ලිපියෙන් දන්වා ඇතැයි වාර්තා වේ.

එබැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් සමරු ඵලකවල හිටපු ජනාධිපතිවරයාගේ නම සහ රුව වසා තැබීය හැකි බවද එම ලිපියෙන් දන්වා ඇතැයි ද දැනගන්නට තිබේ.

Related posts

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

චරිතට කෝප් කමිටුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව

colombotoday

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම රිය අනතුරකින් තුවාල ලබා රෝහලට

colombotoday

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

colombotoday