Colombo Today Local News

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ අනුව වයස අවුරුදු 55 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උපරිම වයස් සීමාව ලෙස යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා මෙතෙක් උපරිම වයස් සීමාවක් පනවා නැත. 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ අවම වයස් සීමාව වයස 30කි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම වයස් සීමාවේ වෙනසක් සිදු නොවනු ඇත.

එහෙත් දැනට රටේ පොදු විශ්‍රාම වයස් සීමාව ඉක්ම වූ අයකුට ජනපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සුදුසු බව ආණ්ඩුවේ අදහස වී ඇතැයි දැනගන්නට තිබේ.

Related posts

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩුවට විරෝධතා ගොනු කරන්න හිටපු ජනපති මෛත්‍රීට කල් දෙයි

colombotoday

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගනී

colombotoday

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

ටෙලිකොම් කොටස් පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin