Colombo Today Local News

නව අගමැතිවරයෙක් පත් කිරීමේ සූදානමක්… නම් දෙකක් යෝජනා වෙයි…

චමල් රාජපක්ෂ මහතා හෝ නිමල් සිරිපාල ද සිල්වා මහතා වහාම අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා එවැනි පියවරක් ගැනීමට යන්නේ, එක්සත් ජාතික පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා හැරුණකොට වෙනත් කිසිඳු අයකු අගමැති ලෙස නම් නොකිරීමට ගෙන ඇති තීරණයත් සමගය.

අභියාචනාධිකරණය විසින් ඊයේ ලබාදුන් තීන්දුවෙන් පසු ඇතිවී තිබෙන තත්වය විග්‍රහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත්තේ, අගමැති සහ අලූත් ඇමැති මණ්ඩලයක් පත් කිරීම හෝ අගමැති සහ ඇමැති මණ්ඩලය නැතිව රටේ කටයුතු කරගෙන යෑම යන විකල්ප දෙකෙන් එකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ මේ මොහොතේ ඇති බවයි.

එහිදී තවදුරටත් අදහස්‌ දක්වන රාජපක්‌ෂ මහතා මෙසේද සඳහන් කර තිබේ.

අයෙත් මහින්ද අගමැති කරන්න බැහැ :

”අගමැති ප්‍රමුඛ ඇමැති මණ්‌ඩලය තමන්ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත් වුණා කියන පදනමේ සිට අභියාචනාධිකරණය එම නඩු තීන්දුව ලබා දී තිබෙනවා.

එහෙත් එම තීන්දුවෙන් කියවෙන්නෙ නැහැ අගමැති සහ ඇමැති මණ්‌ඩලය අහෝසි බවට. තාවකාලික අතුරු තහනම් නියෝගයක්‌ පමණයි නිකුත් කර තිබෙන්නේ.

ජනාධිපතිවරයාට මෙහිදී විකල්ප දෙකක්‌ තිබෙනවා. එකක්‌ අගමැති සහ ඇමැති මණ්‌ඩලය නැතිව රාජ්‍යයේ කටයුතු පවත්වාගෙන යාම.

අනෙක්‌ විකල්පය පවතින අගමැති ප්‍රමුඛ ඇමැති මණ්‌ඩලය විසුරුවා හැර නව අගමැතිවරයෙක්‌ සහ ඇමැති මණ්‌ඩලයක්‌ පත් කර ගැනීම.

ජනාධිපතිවරයාට එහිදී නව අගමැතිවරයෙකු පත් කිරීමේදී මහින්ද රාජපක්‌ෂ මහතාව නැවත එම ධුරයට පත් කිරීමට නොහැකියි.

ඒත් එම ඇමැති මණ්‌ඩලයේ කටයුතු කළ සෙසු ඇමැතිවරුන්ව වුවත් නව ඇමැතිවරුන් ලෙස පත් කිරීමට හැකියි” යෑයිද විජයදාස රාජපක්‌ෂ මහතා සඳහන් කරයි.

Related posts

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

colombotoday

ගෝඨාභය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු ගැන විගණනයක් ඇරඹේ..

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday