Colombo Today Local News

දේශපාලන අර්බුධය ගැන විමර්ශනයට UN නියෝජිතයෙක් දිවයිනට… එංගලන්තෙනුත් එනවාලු…

ශ්‍රී ලංකාව මුහුන දී ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාප භාර ප්‍රධානී මේරියම් යම්ෂිඩා මහත්මිය ඊයේ(29) මෙරටට පැමිණ තිබේ.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට ද මේරියම් යම්ෂිඩා මහත්මිය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව තුළ ද මේ වනවිටත් අර්බුධකාරී වාතාවරණයක් පවතින අතර ඒ සම්බන්ධව විමර්ශනය කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ඇය මෙරටට පැමිණ තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධ විමර්ශනයකට බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරියෙකු ද පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

Related posts

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday

හම්බන්තොටින් ඉදිරිපත් වෙන්න ඇති බව නිසා සජිත් කොළඹින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා- මහින්ද

colombotoday

විදෙස් රටක ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමල මුහුදේ

Admin

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

ජුනි 04 රජයේ නිවාඩු

colombotoday

ආණ්ඩුවෙන් පඩි ගත්ත දඹර අමිල හිමියන්ට තවත් චෝදනාවක්…

colombotoday