Colombo Today Local News

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

මාරවිල නගරයේ නිරෝධායන නීතිරීතිවලට පටහැනිව පිරිස් රැස් කර දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තැබීමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.

16 වෙනි දින දහවල් මෙමම වැටලීම සිදු කලේය.

මෙම දේව මෙහෙය පැවැත් වූ දේවගැතිවරයාට එරෙහිව නිරෝධාන පනතට අනුව නීතිමය කටයුතු කරන බව මහවැව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. එම්. වජිර නිලන්ත මහතා පැවසීය.

මාරවිල පොලිසියේ නිලධාරීන් හා මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මෙම ස්ථානය වැටලීමේදී පුද්ගලයන් 27 දෙනෙකු ආගමික ස්ථානයේ රැඳී සිටි අතර පිරිමි පුද්ගලයන් 09 දෙනෙක්, කාන්තාවන් 18ක් සහ කුඩා ළමුන් හතර දෙනෙක් ද ඒ අතර විය. මව්මවුවරුන් දෙදෙනෙක් අත දරුවන් රැුගෙන පැමිණි සිටි අතර එම දරුවන් දෙදෙනාට මුඛ ආවරණ ද පැළඳවීමට කටයුතු කර නොතිබිණි.

දේවගැතිවරයා මීට පෙර ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනිමින් ද දේශනා සිදු කර ඇති අතර ඊට අදාලවද මීට පෙර මොහුට විරුද්ධව නඩුවක් පවරා තිබේ.

යාපනය ප‍්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙලෙස පැවැත්වූ ආගමික කටයුත්තක් හේතුවෙන් පුද්ගලයන් රැසකට කොරෝනා වැළදුණු අතර විශාල පිරිසක් නිරෝධාන කටයුතුවලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මෙවැනි තත්ත්වයක් හමුවේ පුද්ගලයින් ඒකරාශී කරගෙන මෙවැනි වැඩ වැඩසටහන් සංවිධානය කිරීම නීතිවිරෝධී බව ද සඳහන් කරමින් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් රැස්ව සිටි පිරිසට දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට කටයුතු කළේය.

ආගමික ස්ථාන පවත්වාගෙන ගිය ක‍්‍රිස්තියානි දේවගැතිවරයාට නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට නියමිතයි.

අමරනන්ද විජේසේකර- මහවැව

Related posts

ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් වැලලෙන්නවත් ඉඩ දෙන්න – මුස්ලිම් ආදාහන වෙනුවෙන් මෙවර ජවිපෙ බිමල් රත්නායක

colombotoday

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

තනපටය ගලවා විසිකරන්න කැමතිදැයි රාජිත බුද්ධිනීගෙන් මූණටම අසයි [Video]

colombotoday

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

colombotoday