Colombo Today Local News

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවන බවත් විග්නේෂ්වරන්ට විවාදයකට තමන් අභියෝග කරන බවත් අද (25) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

නම වන පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දිනයේ කතානායකට සුබ පැතීමට නැගීසිටි සීවී විග්නේශ්වරන් මන්ත්‍රිතුමා බොරු වැලක් පැවසුවා. දෙමළ භාෂාව ලොව පැරණිතම සජීවී භාෂාව බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවත් ඔහු පැවසුවා. එතුමාගේ ප්‍රකාශය වැරදි බව ඔප්පු කළ හැක්කේ එයට විරෝධය පළ කිරීමෙන් නොවේ. එය බොරුවක් බව අප කරුණු සහිතව සනාථ කිරීමෙන්. දෙමළ ජනතාව කියන්නේ දෙමළ භාෂාව බිහි වුණේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ බවයි. නමුත් චීන අරාබි ග්‍රීක සහ බාස්ක් වැනි භාෂා ඊටත් වඩා පැරණි බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි.

මෙහි වඩාත් භයානක ප්‍රකාශය වන්නේ ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවට එතුමන් කළ ප්‍රකාශයයි. එය කිසිම පුරාවිද්‍යාත්මකව ඉතිහාසගත සාක්ෂි මත ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. ලන්දේසි යුගයේදී යාල්පානම් වෛපමාලෙයි ග්‍රන්තය ලන්දේසීන් විසින් රචනාකරවාගන්නා තුරු දෙමළ ජනතාවට ඉතිහාස පොතක් වත් තිබුනේ නැහැ. එම නිසා සී වී විග්නේෂ්වරන් මැතිතුමාගේ මේ ප්‍රකාශයට විරෝධය පළ කිරීමෙන් එය බොරුවක් බවට පත් වන්නේ නැහැ. බොරුවක් වන්නේ එය බොරුවක් බව ඔප්පු කිරීමෙන් ම පමණයි. එතුමා ප්‍රකාශ කරන්නේ පට්ටපල් බොරුවක් බව ඔප්පු කිරීමට මා සූදානම්. එ බැවින් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව ද කියන කාරණය පිළිබඳව මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සීවී විග්නේෂ්වරන් මන්ත්‍රිතුමාට මා අභියෝග කරනවා. එතුමා සතු සියලුම සාක්ෂි රැගෙන එන්න. ඒ සියල්ල පදනම් විරහිත බව ඔප්පු කිරීමට මා සූදානම්.

ජාතියේ වාසනාවට විග්නේෂ්වරන් මන්ත්‍රිතුමාගේ අන්තවාදය උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුට යාපනයේ ජනතාව මනාප දුන්නේ 21,554ක් පමණයි. ආණ්ඩුව සමඟ සමගියෙන් කටයුතු කිරීම වෙනුවෙන් පෙනී සිටි අංගජන් රාමනාදන්ට මනාප 36,365ක් සහ ඩග්ලස් දේවානන්ද ට මනාප 32,146ක් ලබාදීමට යාපනයේ ජනතාව කටයුතු කර බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තිබෙනවා. ඉතාම පැහැදිලිව උතුරේ ජනතාව තවදුරටත් දෙමළ බෙදුම්වාදීන් සමග ගමන් කිරීමට සූදානම් නැහැ. ඔවුන් දකුණේ ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන ශ්‍රී ලංකාව සංවර්ධනය කරලා උතුරුට එහි ප්‍රතිලාභ ගෙන යාම වෙනුවෙන් පෙනී සිටිනවා කියන එකයි මේ මැතිවරණ ප්‍රතිඵලය හරහා විග්නේෂ්වරන් මන්ත්‍රිතුමන්ලා අත්කරගත් අන්ත පරාජය හරහා රටටත් ලෝකයටත් ලැබෙන පණිවිඩය.

Related posts

විජිතපුර පුරාවිද්‍ය භූමිය වනසා ඇත්තේ නිධන් හෑරීමටයි… සජිත් ප්‍රේමදාසට චෝදනා

colombotoday

ශ්‍රීලනිප ප්‍රබල ඇමති 5ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම් !

colombotoday

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

රටේ ස්වෛරීත්වය පාවා දෙන ජාත්‍යන්තර ප්‍රඥප්තියකට ආණ්ඩුව එකග වෙලා – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

බිලයන 66ක බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. බැදුම්කර මගඩි සමාගමත් ලංසු තියයි !

colombotoday