Colombo Today Local News

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

යුද්ධයෙන් පීඩා විඳී දෙමළ කාන්තාවන් දැන් ඔවුන්ගේම අයගෙන් හා හමුදාවේ අයගෙන් ලිංගික පීඩා විඳින බව සංහිඳියා කාර්යංශය පවසයි.

රාජකාරී සේවාවන් ලබාදීමට ලිංගික අල්ලස් ගන්නා නිලධාරීන් අතින් අපයෝජනයට ලක්වූ කාන්තාවන් අතර වසර 37ක යුද්ධය නිසා සැමියන් අහිමි වූ කාන්තාවන් ද සිටින බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කීවාය.

“නිලධාරීන් අතින් තවමත් ලිංගික අපයෝජන සිදුවෙනවා. දෙමළ නිලධාරීන් ඒ වගේම පහළම මට්ටමේ අය පවා අපයෝජන කරනවා. ග්‍රාම සේවක නිලධාරීනුත් ඒ අතර ඉන්නවා“ කුමාරතුංග මහත්මිය විදේශ මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පැවසුවාය.

“ලියුමක් අත්සන් කරන්නත් නිලධාරීන් ලිංගික අල්ලස් ගන්නවා. හමුදා වල ඉන්න සමහර අය පවා මේවා කරනවා. “යැයි කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

ලිංගික අපයෝජනයට ලක්වූ කාන්තාවන්ට මනෝ විද්‍යාත්මක සහය ලැබිය යුතු බවත් ඔවුන්ට සහය වීමට රජයේ ආයතනවල සුදුසුකම්ලත් විශේෂඳවරුන් නොමැති බවත් ඒ මහත්මිය වැඩිදුරත් කීවාය.

“කාන්තාවන්ට ඇති අවදානම අඩු කිරීමට හොඳම විදිහ තමයි ඔවුන්ගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමයි කාන්තාවකට නිසි ජීවනෝපායක් තියෙන විට ඔවුන්ට බලයක් ලැබෙනවා. .ඔවුන්ට ආරක්ෂාව ඇති බව හැඟෙනවා. ඔවුන්ට තවත් හිරිහැර වෙන එකක් නැහැ.“ යැයි හිටපු ජනාධිපතිනිය පැවසුවේය.

“අපිට උපදේශකයන් පිටටින් ගේන්න බැහැ.මොකද ඔවුන් භාෂාව දන්නේ නැහැ. යුද්ධයෙන් පසු බොහෝ කාන්තාවන් විශේෂයෙන් සැමියන් නැති කාන්තාවන් හැඳුනුම්පත්, උප්පැන්න සහතික හදාගැනීමේදී සැහෙන්න ගැටලු වලට මුහුණ දීලා තියෙනවා “ යැයි ද කුමාරතුංග මහත්මිය කීවාය.

Related posts

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, වැඩබලන නීතිපති දප්පුල ලිවේරා, ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

රන්ජන්සි සිරගෙදරදී යදිවි නසාගන්න උත්සාහ කර නෑ. පැතිරෙන කතා අසත්‍යයි.

colombotoday

පුජිතට සහ නාලකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ජාතික පොලිස් කොමිෂන් සභාවට

colombotoday

කොටකෙතනේ 6ක් ඝාතනය කළේ ‘එකෙක්’බව DNA පිරික්සුමෙන් තහවුරු වෙයි

colombotoday