Colombo Today Local News

දෙකෝටියක් අල්ලස් ගනිද්දී අතේ මාට්ටු වූ ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා දැව සංස්ථා සභාපතිට ඇප..

රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ගෙන එය ගණන් කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ගෙන රිමාන්ඞ් කර සිටි අයි.එච්.කේ. මහනාම ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා රාජ්‍ය දැව සංස්ථා හිටපු සභාපති පියදාස දිසානායක ඇප මත නිදහස් කර ඇත.

අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මෙම දෙනෙනා නිදහස් කර ඇත්තේ එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 3ක් මතයි.

කන්තලේ සීනි සමාගමේ උපකරණ විකිණීම සදහා මිලියන 540ක අල්ලසක් ඉල්ලා මිලියන 100 තෙක් අඩු කර අත්තිකාරම් ලෙස මිලියන විස්සක් ලබා ගනිද්දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගලධාරී හෝටලයේ රථ ගාලේදීය.

Related posts

හිජාස් හිස්බුල්ලා අධිකරණයට

colombotoday

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

බැදුම්කර මහා වංචාකරුවා අර්ජුන්.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටුවේ නිර්දේශ මෙන්න

colombotoday

“උඹව උස්සලා පොළොවේ ගහනවා දැනගනින් ප…යා” – බොරලැස්ගමුව ට්‍රැෆික් ඕඅයිසී ගේ බවට සඳහන් හඬ පටයක්.

colombotoday

කොවිඩ් එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම් පතක්

colombotoday

සාම සාකච්ඡා අසාර්ථකයි.. ජනපති – අගමැති විරසකය දුරදිග යයි.. සම්මුතිය කම්මුතුයි !!

colombotoday