ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා.ඒ අනුව රුපියල් 30ක්ව පැවැති දුම්වැටියක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති බව සඳහන්.ඊට අමතරව සාන්ද්‍රණය සියයට 5ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40කින් ඉහළ දමා ඇති අතර, සාන්ද්‍රණය සියයට 5ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ නංවා තිබෙනවා.දේශීය මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 110කින් ඉහළ දමා ඇති අතර, විදේශීය මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 160කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.ඒ අනුව දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 40කින් පමණ ඉහළ යනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
previous post