Colombo Today Local News

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කලා.

ඒ අනුව මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශ තුළ අද දින එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙයි.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න කියා සිටියා.

කෙසේවෙතත් පොසොන් නිවාඩුවෙන් අනතුරුව සුපුරුදු පරිදි අද දිනයේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනවක් නිකුත් කරමින් ඊයේ පැවසීය.

Related posts

ලබන සුුඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ !

colombotoday

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

colombotoday

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරීමට උපදෙස් දුන්නා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday