Colombo Today Local News

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

පිලියන්දල සුවාරපොල විහාරස්ථානයක් ඉදිරිපිටදී සිය නිරුවත පෙන්වා දැරියක් අපහරණය කිරිම සම්බන්ධයෙන් අද (21)දින අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් නුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදාහැරියේ පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු වූ ඉරේෂ් ප්‍රසන්න මංජුල නම් 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

සැකකරුගේ එම අශෝභන ක්‍රියාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ විද්‍යුත් නාලිකා වල ප්‍රදර්ශනය කෙරුණු අතර ඔහු පැමිණි යතුරු පැදියේ ලියාපදිංචිය අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී කොට්ටාව ප්‍රදේශයේ ඔහු රැකියාව කරන ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා අධිකරණයට පැවසීය.

Related posts

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම් කරන්නන්ගේ ඡායාරූප මාධ්‍යයට.| මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

Admin

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

colombotoday