Colombo Today Local News

දමිළ ජනතාවගේ එකම නායකයා ප්‍රභාකරන් පමණයි – අයින්කරනේසන්

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට ඔවුන්ගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බව හිටපු උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ජී. අයින්කරනේසන් මහතා පවසනවා.

දෙමළ ජනතාව පිළිගත් එකම ජාතික නායකයා එල්.ටී.ටී සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් පමණක් බවයි යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

නිදහසින් පසු ඩි.එස් සේනානායක යුගයේ පටන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යුගය දක්වාම බොහෝ දේශපාලන නායකයින් අතරින් කිසිදු් පුද්ගලයෙකු දෙමළ ජනතාවගේ වාර්ගික අර්බුදයට විසඳුම් ලබා නොදුන් බවටයි ඔහු චෝදනා කළේ.

දෙමළ ජනතාව පිළිබඳ සිතා කටයුතු කළේ නම්, ඔවුන්ට එම ජනතාවගේ වීරයා ලෙස පත්වීමට හැකියාව තිබු බවද අයින්කරනේසන් මහතා වැඩිදුරටත්  කියා සිටියා

Related posts

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනී

Admin

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

“අපේ පාක්ශිකයන් හොය හොයා රස්සා දෙනවා” නවීන්ගේ ප්‍රකාශයට රැකියා නැති උපාධිධාරීන්ගේ විරෝධය

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

වාරණයට ලක්කළ රවීගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙන්න

colombotoday