World

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදනය වූ පුද්ගලයින් 197 දෙනෙකු අද (17)දින හමු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, එරටින් මේ දක්වා හමු වී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 15,515කි.

අද හමු වූ රෝගීන්ගෙන් බහුතරය හෙවත් 89 දෙනෙකු හමු වී ඇත්තේ සෝල් නගරයෙනි.

එය කොරෝනා වෛරසය දකුණු කොරියාවෙන් ප්‍රථම වරට හමු වූ ජනවාරි මස සිට මේ දක්වා එම ප්‍රදේශයෙන් හමු වූ වැඩිම රෝගීන් ගණන වේ.

ඉන් බහුතරය දේවස්ථාන ආශ්‍රිතව වර්තා වේ.

පුද්ගල දුරස්ථභාවය පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා වෛරස අසාදනය වූ රෝගීන් හමු වුවද නව මරණ කිසිවක් පසුගිය දින කිහිපය පුරා දකුණු කොරියාවෙන් වාර්තා වී නොමැත.

එරටින් මේ දක්වා කොරෝනා මරණ 305ක් වාර්තා වී ඇත.

Related posts

පැය 12ක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් මිය ගිහින්

Admin

හමාස් සාමාජිකයන් සියලු දෙනාට මරණය බව ඊශ්‍රායල අගමැති ප්‍රතිඥා දෙයි

Admin

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

හැරී සහ මේගන් ගේ හෙළිදරව්වට බකිංහැම් මාළිගයෙන් චෝදනා

colombotoday

Facebook සමාව අයැදි

colombotoday

බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතට

colombotoday